Notices

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී තනතුර සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සමඟ අමුණා ඇති අයදුම්පත සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව 2023.05.02 දිනට පෙර වන සංරක්ෂක ජනරාල්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, 'සම්පත්පාය', තැ.පෙ. 03, බත්තරමුල්ල යන ලිපිනයට හා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට මෘදු පිටපතක්ද යොමු කරන මෙන් දන්වා සිටිමි.

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I ශ්‍රේණියේ ප්‍රධාන ගණකාධිකාරි තනතුර.pdf

CV Format for Post of Chief Account of Grade 1 of Sri Lanka Accountants' Service.docx

 

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2017.03.14 දින අනුමත කරන ලද වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියට ඇමුණුම්වල සඳහන් සංශෝධනයන් සිදුකිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2021.03.15 හා 2021.12.14 දින අනුමැතිය ලබා දී ඇති බව මෙයින් දන්වා සිටිමි.

-වන සං‍රක්ෂක (මානව සම්පත් කලමණාකරණ, පරිපාලන සහ ආයතනික සංවර්ධන)

පහත සබැඳි භාවිතාකර ඇමුණුම් බාගත කරගත හැකිය.

  1. 2017.03.14 දින අනුමත බ.ගැ.ප
  2. 2021.03.15 දින අනුමත වූ සංශෝධන
  3. 2021.12.14 දින අනුමත වූ සංශෝධන

*last update - 2022.07.11 

 

රටෙහි පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ඉදිරි සතිය තුලදී (23 දින සිට) පමණක් අපනයන බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ බදාදා දින (25) පමණක් බව කාරුණිකව දන්වමි.

- වන සං‍රක්ෂක (වන ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීම)

*Last update - 2021.08.22

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නිල වෙබ් අඩවියක් සහ අන්තර්ජාලය ඔස්සේ වන ලැගුම්හල්/කඳවුරු වෙන් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට මිල ගණන් කැඳවනු ලැබේ.

ලංසු භාරගන්නා අවසාන දිනය - 2022.06.07

මීට අදාල දැන්වීම සහ අදාල ඇමුණුම් සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

දැන්වීම

ඇමුණුම්

 

පිළිගත් ප්‍රතිපත්ති හා සම්මතයන්ට අනුකූලව කාලීන අවශ්‍යාතාවයන් කෙරෙහි සැලකිල්ල දක්වමින් 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත සහ 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනත සංශෝධනය කිරීමට හා ඊට අදාල වන සංරක්ෂණ නියෝග පැනවීම සඳහා යෝජනා කෙටුම්පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වීම පිණිස උපදේශකයෙකු බඳවා ගැනීමට වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2021.08.02 

මීට අදාල දැන්වීම සහ යොමු කිරීම් අනුදේශ (TOR) සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

දැන්වීම

යොමු කිරීමේ අනුදේශ (TOR)

*Last update - 2021.07.15