Notices

පිළිගත් ප්‍රතිපත්ති හා සම්මතයන්ට අනුකූලව කාලීන අවශ්‍යාතාවයන් කෙරෙහි සැලකිල්ල දක්වමින් 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත සහ 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනත සංශෝධනය කිරීමට හා ඊට අදාල වන සංරක්ෂණ නියෝග පැනවීම සඳහා යෝජනා කෙටුම්පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වීම පිණිස උපදේශකයෙකු බඳවා ගැනීමට වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2021.08.02 

මීට අදාල දැන්වීම සහ යොමු කිරීම් අනුදේශ (TOR) සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

දැන්වීම

යොමු කිරීමේ අනුදේශ (TOR)

*Last update - 2021.07.15

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විධායක හා ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2021.03.15 දින ලබා දී ඇති අනුමැතියට යටත්ව පහත පරිදි සංශෝධනය වනු ඇත. අදාල ලිපි සහ සංශෝධන සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

විධායක සේවා ගණය ලිපිය

විධායක සේවා ගණය සංශෝධන

ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය ලිපිය

ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සංශෝධන

 *last updated - 2021.04.08

 

වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරී, බීට්ටු වන නිලධාරී, වන ව්‍යාප්ති නිලධාරී සහ වන ක්ශේත්‍ර සහකාරවරුන් සඳහා පවත්වනු ලබන වන නීතිය විභාගය (2020) 2021 මාර්තු මස 20 වන දින මරදාන ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේදී පෙ. ව. 9.00 සිට ප. ව. 12.00 දක්වා පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සිසිර කුමාර බස්නායක

පරිපාලන නිලධාරී

 

 

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ අනුමත බඳවා ගැනීම් පටිපටිවල විධිවිධාන ප්‍රකාරව, අමාත්‍යංශ/ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු 12ක් සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම්ලත් නිලධරයන් එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2020.04.09

ඊට අදාල බඳවාගැනීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම් පත්‍ර බාගත කරගැනීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

සිංහල - தமிழ்English

*last updated - 2021.03.29

 

පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගස් හඳුනා ගැනීම සඳහා මේ සමඟ ඇති පිංතූර බලන ලෙසද කාරුණිකව දන්වමි.

පිංතූර සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න - https://drive.google.com/file/d/1G9ZX0W7LwFElBfo845V9HAEhf_1973sM/view?usp=sharing

 

එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර

ලේකම්

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය

දුරකථන අංකය       -    0113671490

ෆැක්ස්                     -    0112879051

ඊ. මේල්                  -    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.