Notices

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2017.03.14 දින අනුමත කරන ලද වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියට ඇමුණුම්වල සඳහන් සංශෝධනයන් සිදුකිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2021.03.15 හා 2021.12.14 දින අනුමැතිය ලබා දී ඇති බව මෙයින් දන්වා සිටිමි.

-වන සං‍රක්ෂක (මානව සම්පත් කලමණාකරණ, පරිපාලන සහ ආයතනික සංවර්ධන)

පහත සබැඳි භාවිතාකර ඇමුණුම් බාගත කරගත හැකිය.

  1. 2017.03.14 දින අනුමත බ.ගැ.ප
  2. 2021.03.15 දින අනුමත වූ සංශෝධන
  3. 2021.12.14 දින අනුමත වූ සංශෝධන

*last update - 2022.07.11 

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නිල වෙබ් අඩවියක් සහ අන්තර්ජාලය ඔස්සේ වන ලැගුම්හල්/කඳවුරු වෙන් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට මිල ගණන් කැඳවනු ලැබේ.

ලංසු භාරගන්නා අවසාන දිනය - 2022.06.07

මීට අදාල දැන්වීම සහ අදාල ඇමුණුම් සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

දැන්වීම

ඇමුණුම්

 

පිළිගත් ප්‍රතිපත්ති හා සම්මතයන්ට අනුකූලව කාලීන අවශ්‍යාතාවයන් කෙරෙහි සැලකිල්ල දක්වමින් 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත සහ 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනත සංශෝධනය කිරීමට හා ඊට අදාල වන සංරක්ෂණ නියෝග පැනවීම සඳහා යෝජනා කෙටුම්පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වීම පිණිස උපදේශකයෙකු බඳවා ගැනීමට වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2021.08.02 

මීට අදාල දැන්වීම සහ යොමු කිරීම් අනුදේශ (TOR) සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

දැන්වීම

යොමු කිරීමේ අනුදේශ (TOR)

*Last update - 2021.07.15

රටෙහි පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ඉදිරි සතිය තුලදී (23 දින සිට) පමණක් අපනයන බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ බදාදා දින (25) පමණක් බව කාරුණිකව දන්වමි.

- වන සං‍රක්ෂක (වන ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීම)

*Last update - 2021.08.22

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විධායක හා ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2021.03.15 දින ලබා දී ඇති අනුමැතියට යටත්ව පහත පරිදි සංශෝධනය වනු ඇත. අදාල ලිපි සහ සංශෝධන සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

විධායක සේවා ගණය ලිපිය

විධායක සේවා ගණය සංශෝධන

ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය ලිපිය

ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සංශෝධන

 *last updated - 2021.04.08